WHO වාර්තාවලට අනුව මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ 40% ක වැඩිවීමක්

0
355

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වන සංඛ්‍යාවේ 40% ක වැඩිවීමක් ඇති බව පෙන්වා දී තිබේ.

මෙම මස 24 වැනිදා නිකුත් කළ එම සතිපතා වාර්තාවේ දැක්වෙන්නේ මාලදිවයින ,ශ්‍රී ලංකාව, ටිමෝර – ලෙස්ටේ රටවල් හැර ගිණිකොන දිග ආසියාවේ සෙසු රටවල කොවිඩ් රෝගීන් වාර්තාවීමේ කිසියම් අඩුවීමක් පෙනෙන්නට ඇති බවයි.

මීට අමතරව මෙම මස 20 වැනිදා නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතෙන් පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙනෙන්නට ඇති බවයි.

වයඹ සහ දකුණු පළාත්වල ද වැඩිවීමක් ඇති බව එහි සඳහන් ය.

මීට අමතරව මෙරට නව කොවිඩ් රෝගීන් වැඩියෙන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම වැඩිවීම 57% කි

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here