”අර්බුදයක් තිබුණත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප කප්පාදු කරන්නේ නෑ”

0
276

රජය ආර්ථික අසීරුතාවන්ට මුහුණ දුන්නද කොවිඩ් අරමුදල සඳහා රජයේ සේවක වැටුප කප්පාදු නොකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපනයන ආදායම් යම් මට්ටමකට පහත වැටී තිබුනත් එම බර මහජනතාවට පැවරීමට සූදානම් නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි. කෙසේ වෙතත් පවතින තත්වය මත රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා හා සංයුක්ත දීමනා වැනි දීමනාවන් සම්බන්ධව බලපෑමක් සිදුවිය හැකි බවත් කොරෝනා තත්ත්වය මත රජයේ කාර්යාල වසා දමා තිබීම – අත්‍යවශ්‍යම සේවකයින් පමණක් සේවයට කැදවීම වැනි කාරුණු ඊට බලපාන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රජයේ වියදම් උපරිම ආකාරයෙන් අවම කරමින් සහ අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හිමිවන වරප්‍රසාද කැප කරමින් දේශපාලනඥයින්ද මේ මොහොතේ ආදර්ශයක් දී ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here