පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා ඇවිදින මංතීරුවක් හදයි

0
292

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපනාවේ කලුගල් ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමෙන් වැවට දැඩි හානියක් සිදුවිය හැකි බවට ගොවීහු චෝදනා කරති.

ගොවීන්ගේ විරෝධය පවා නොතකමින් මෙම කාර්යය ඉටුකරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.

පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොවිවේ සිට දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථාන ආසන්නයට මෙම ඇවිදින මංතීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් ලක්ෂ 340ක් වියදම් කරමින් මෙම ඇවදින මංතීරුව ඉදිකරන බවත් එය කිලෝ මීටර 1.7ක් දිගැති බවත් පරාක්‍රම සමුද්‍ර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.

ගොවීන් චෝදනා කරන්නේ වැව් බැම්ම දිගේ ඕනෑම අයකුට නිදහසේ ඇවිද යාමට අවකාශ තිබිය දී මෙවැනි ඇවිදින මංතීරුවක් සෑදීම බරපතල ගැටලුවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here