ආණ්ඩුව බලයට පත්වීමට පෙර පැවති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 20කම මිල බලයට පත්වීමෙන් පසු සියයට සියයක පමණ ප්‍රමාණයකින්ම ඉහළ දමා ඇති බව සමගි ජනබලවේගය චෝදනා කරනවා.
අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතායි මේ බව කියා සිටියේ.
ඒ හේතුවෙන් මේ වන විට ජීවනබර දරාගැනීමට නොහැකි තත්වයකට ජනතාව පත්ව ඇති බවද පාඨලි චම්පික රණවක මහතා මෙහිදී සදහන් කළා.
මේ දක්වා රජය බිලියන 1215ක මුදල් අච්චු ගසා ඇති බවද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.
ව්‍යාජ ලොක්ඩවුන් කිරීමක් හරහා කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම වීමක් සිදුනොවන බවත් ආර්ථිකය කඩා වැටීම පමණක් සිදුවන බවත් පාඨලි චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නා.
Newshub.lk