ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 1කින් පමණ වර්ධනය වී තිබෙනවා. මෙක්සිකෝව හරහා හමාගිය සුළි කුණාටු තත්ත්වයත් සමඟ තෙල් නිෂ්පාදනය කරනු ලබන ස්ථාන වසා දැමීම ඊට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම සුළි කුණාටුවත් සමඟ බොරතෙල් නිෂ්පාදනය කරන ආයතන සියයට 95කින් පමණ නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.