පාරිභෝගික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් සතොස ආයතන මගින් දුඹුරු සීනි රුපියල් 130ක මිලකට ලබා දෙන බව සදහන් කළද මෙතෙක් එහි සීනි කිලෝව විකුණා ඇත්තේ රුපියල් 120කට බව දැනගන්නට ඇත.
ඒ අනුව අද දිනයේදී රුපියල් 10කින් මිල ඉහළ නංවමින් සතොස ආයතනය අද රුපියල් 130ක මිලකට සීනි අලෙවි කරන බව දැකගත හැකි විය.
එමෙන්ම එක් පුද්ගලයකුට සීනි කිලෝවක් පමණක් නිකුත් කෙරුණු අතර එය ලබා ගැනීම සදහාද සතොස ආයතනය ඉදිරිපිට දිගු පෝලිම් පැවැති ආකාරය දැකගත හැකි විය.
ඇතැම් සතොස ආයතනවල සීනි අවසන් වී තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.