වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි.
යූටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡුාවකදී හෙළිදරව් කරන ලද කරුණු පිළිබදව ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව වාර්තා වේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පලා ඉන්ද්‍රවංශ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත යන අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ජයවරුවන් බණ්ඩාර මහතාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත ය.
අදාල සම්මුඛ සාකච්ඡුාවේ දී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් සහ මෙරට ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක් සිදු කරන ලදී.
Headline News