GL ගේ ඇරයුම පිළිගන්න කාදිනල් ගෙන් කොන්දේසි

0
297

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර පැහැදිලි කිරීමක් සඳහා අවස්ථාවක් දෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දන්වා යවා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු බවයි උන්වහන්සේ අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත්තේ.

එම විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවද කාදිනල් හිමිපාණන් සිය ලිපියෙන් අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here