ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද නැද්ද යන්න – තීරණය හෙට

0
284

රටපුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 6 වැනිදා සදුදායින් පසු තවදුරටත් දීර්ඝ කෙරෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට (3) පැවැත්වීමට නියමිතය.

රටපුරා කොරෝනා ව්‍යාප්තියේ තත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් හෙට ස්ථිර තීරණයක් ගැනෙනු ඇත.

රට පුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක් දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් දැනටමත් රජයෙන් ඉල්ලීම් කර ඇත .

නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද ඊයේ පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here