නීති විරෝධී සිගරට් තොගයක් සමග 08ක් දැලේ

0
473

නීතිවිරෝධී අයුරින් නිෂ්පාදිත, නිසි ප්‍රමිතියෙන් තොර දුම්වැටි එක්ලක්ෂ පනස්දහසක ප්‍රමාණයක් මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුරාබදු මෙහෙයුම් ඒකකය මඟින් සිදු කළ වැටලීමකදී එම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකි වූ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

දුම්වැටි නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය සිදු කළ පුද්ගලයින් 08කු ද අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

දඹුල්ල, ගලේවෙල සහ වහකෝට්ටේ යන ප්‍රදේශවල දී මෙම දුම්වැටි නිෂ්පාදනය කර ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here