බංගලාදේශයෙන් යළිත් ආධාර නැවක්

0
631

ජලගැල්මෙන් හා නායයාමෙන් ආපදාවට පත් ජනතාවට ආධාර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

බංග්ලාදේශයේ සිට පැමිණි අදාළ නෞකාව අද(05) දහවල් කොළඹ වරායට ළඟා වූ බව සඳහන්ය.

විදුලිජනක යන්ත්‍ර, ජල පෙරන යන්ත්‍ර කාන්තා හා පිරිමි ඇඳුම් සහ කුඩාරම් එම ආධාර අතර වන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පැවසුවේය.

බංග්ලාදේශයේ සිට මීට පෙර ද ගුවන් මගින් ආධාර තොගයක් ආපදාවට පත් ජනතාවට ලබාදීම සඳහා රැගෙන එනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here