Monday, September 23, 2024

මන්ත්‍රී රිෂාඩ් යළිත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 21 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගැනුණු බදියුදීන් මහතා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබා දුන්නා.

සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැති  බෝම්බකරුට අයත් “කෝලෝසස්” නමැති තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තිබූ බවට චෝදනා එල්ල විය.

එහිදී තඹ තොග ලබාදීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගත්තේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles