Monday, September 23, 2024

රට දිගටම වහන්න බැහැ ජනතාව වගකීමෙන් කටයුතු කරන්න – අස්ගිරි මහනාහිමි

කොවිඩ් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට අඛණ්ඩව වසා තැබීම දිගින් දිගටම කළ නොහැකි බවත් ජනතාව මෙය තේරුම් ගෙන වගකීමෙන් යුතුව කටයුතු කිරිම අත්‍යවශ්‍ය කාරණයක් බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවසූහ.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවේද ඇතැම් පිරිස් අනවශ්‍යය ගමන් බිමන් යමින් වෛරසය පැතිරීමට අනුබල දෙන ආකාරයේ ක්‍රියාවන්හි නරත වන බවක් පෙනෙන්නට තිබෙන බවත් එසේ වුවහොත් රට කොරෝනා විපතින් ගලවා ගැනීම අසීරුවනු ඇති බවත් උන්වහන්සේ කීහ. දිගින් දිගටම රට වසා තැබීම මගින් රටේ ආර්ථික ක්‍රියාවලියට අයහපත් බලපෑමක් සිදුවන බවත් මේ නිසා ඉක්මනින් රට විවෘත කිරීමට නම් ජනතාව වෙතින්ද රජයට හා සෞඛ්‍ය අංශවලට අවශ්‍යය සහාය ලැබිය යුතු බවත් මහානාහිමියෝ ප්‍රකාශ කළහ. මෙම බැරෑරුම් අවස්ථාවේ සෑම දෙනාම ජාති, ආගම් බේද හා දේශපාලන වාසි ගැන නොතකා එකට එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන බවත් එසේ වුවහොත් පහසුවෙන්ම අපට කොවිඩ් පරාජය කර යළි ජයග්‍රාහී ලෙස නැගී සිටීම අපහසු නොවන බවත් අස්ගිරි මහනාහිමියෝ අවධාරණය කළහ. කොවිඩ් වලින් රට මුදා ගැනීමට රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැපවීමකින් ක්‍රියා කරන බවත් එම මහන්සියේ ප්‍රතිපල ලැබීමට නම් ජනතාව සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව කටයුතු කිරීම අතිශය වැදගත් බවත් උන්වහන්සේ කීහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles