Sunday, September 22, 2024

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස්වල වටිනාකම ගැන අනාවරණයක්

මන්නාරම් දෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනු ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති බලශක්ති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියාය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට සියයට 50 ක කොටසක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5 ක ආදායමක් රජයට අත්කරගත හැකියි. එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න වන බවයි අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී පෙන්වාදී ඇත.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියා කළ හැකි බවත්, එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී අනාවරණ කර තිබේ.

තෙල් හා ගෑස් ගවෙශණය සඳහා තෙල් ළිං 07 ක් කැණීමේදී ඉන් එකක් සාර්ථක වීම සාමාන්‍ය තත්වයයි. එහෙත් ශ්‍රී ලංකාවේ කැණීම් සිදුකළ ළිං 04 න් 03 ක්ම සාර්ථක වීම යහපත් තත්ත්වයක් බවද මෙහිදී ප්‍රකාශ වී තිබේ. 

අමාත්‍ය උදය ගම්මන්පිල මෙම තොරතුරු අනාවරණ කර ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ බලශක්ති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමිනි.

එහිදී පනත් කෙටුම්පතට කාරක සභාවේ එකගතාවය හිමිවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles