Saturday, September 21, 2024

කොවිඩ් වැළදී ගැබිණියන් 40ක් මරුට

කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,500 කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බව ද චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

මියගිය ගර්භණී කාන්තාවන් අතරින් වැඩි පිරිසකට වෙනත් සංකූලතා සහ වෙනත් නිධන්ගත ආබාධ තිබූ බවද ඇය කීවාය

පෙන්වා දෙන්නේ ගර්භණි කාන්තාවන්ට කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව ද වෛද්‍යවරිය පැවසුවාය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles