Sunday, September 22, 2024

ආණ්ඩුවේ 27 ක් හදිසි නීති ඡන්දයට ඇවිත් නෑ

ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් 27 දෙනකු පෙරේදා (06 දා) පැවැති හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් ඡන්දය දීමට පාර්ලිමේන්තුවට පැමිණ නැත.
ඉන් 09 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින අතර 06 දෙනෙක් විදේශගතව සිටිති. ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කපිල අතුකෝරළ මහතා පැමිණෙන විට ඡන්දය විමසා අවසන් වී තිබේ.
අතුරලියේ රතන හිමියෝද විමල් වීරවංශ, එස්. වියලේන්ද්‍රන්, ඒ. එල්. එම්. අතාවුල්ලා, විජයදාස රාජපක්‍ෂ, අශෝක ප‍්‍රියන්ත යන මහත්වරුන් පෙරේදා පැවති එම විවාදයේදී ඡන්දය දීමට පැමිණ නැති අතර ඔවුන් ඒ සඳහා හේතුවක් ද දක්වා නැත.
විපක්‍ෂයෙන් ආණ්ඩුවට එක්වූ අලි සබි‍්‍ර රහීම්, ෆයිසල් කාසීම්, එම්. එම්. එම්. හාරිස්, එම්. එස්. තවුෆික්, නසීර් අහමඞ් යන මන්ත‍්‍රීවරුන්ද ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණ නොමැත.
එහෙත් විපක්‍ෂයෙන් ආණ්ඩුවට එක්වූ අරවින්ද කුමාර්, ඉෂාක් රහුමාන් සහ එම්. මුෂාරෆ් යන මන්ත‍්‍රීවරුන් හදිසි නීති රෙගුලාසි සඳහා පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles