Sunday, September 22, 2024

කොවිඩ් මර්දනය කමිටුවෙ ප්‍රශ්නද? නිලධාරීන් ඉවත් වෙන ඇත්තම හේතුව

කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවෙන් නිලධාරීන් ඉවත් වීම ඔවුන්ගේ පුද්ගලික කරුණක් මිස අභ්‍යන්තර මත ගැටුම්, ගැටළු නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් සම්බන්දයෙන් ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

ඔහුට වාර්තා වූ පරිදි මෙය ඔහුගේ පුද්ගලික කැමැත්තක් බවත් පවසන වෛද්‍ය අන්වර් ඉල්ලා අස්වීමට හෝ නැවත සම්බන්දවීමට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය. ඔවුන් සියල්ලෝම සිදුකළ කැපකිරීම් වෙනුවෙන් ස්තුතිය ද පුද කළ වෛද්‍ය අන්වර් පැවසුවේ ඔවුන් කොවිඩ් තුරන් කිරීමේ සටනේ දිගටම සිටින බවය.

කෙසේවෙතත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත්විය. මෙලෙස ඉවත් වන තුන්වන නිලධාරියා මොහු වේ. මෙහිදී කතා බහට ලක්වුණේ ඇතිවන බලපෑම් මත මෙලෙස ඉල්ලා අස්වූ බවටය. අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ එම කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමින් ඔහු ඉවත්වීම සිදුකර ඇත. 

True News.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles