Sunday, September 22, 2024

ඝාතනය කළ ගවයින් 40 කගේ හිස් දෙහිවලින් හමුවෙයි

හොරොව්පතානෙ දී ඝාතනය කර දෙහිවලට රැගෙන ආ ගව මස් කිලෝ 6000ක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා මෙම මස් තොගයම මිනිස් පරිභොජනයට නුසුදුසු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් පවසනවා.

මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් 3 කණ්ඩායමට ලද බුද්ධි තොරතුරු අනුව ඊයේ (7) පෙරවරුවේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මස් ප්‍රවාහනය කළ ලොරි රථ දෙක ගම්පහ සිට දෙහිවල දක්වා ලුහුබැද විත් දෙහිවලදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී ඝාතනය කරන ලද ගවයින්ගේ හිස් හතළිහක් පමණ සොයා ගෙන ඇත.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා මෙම ගවමස් පරික්ෂා කළ අතර එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ මේවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවයි.

මෙහිදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ ලොරි රථ දෙක දෙහිවල පොලීසියට භාරදී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles