Monday, September 23, 2024

‘බොබ් මාලි’ සොයාදෙන ලෙස පොලිසිය මහජන සහය පතයි

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගෙන ඇති බවය.

මේ වනවිට අදාළ සැකකරු පොලීසිය මඟ හරිමින් කටයුතු කරමින් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු දන්නේ නම් ලබාදෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.ඔහු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles