Sunday, September 22, 2024

ඉෂිනි වික්‍රමසිංහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස් වෙයි

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඇය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

පෞද්ගලික හේතු මත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව ඒ ලිපියෙන් ඇය දැනුම්දී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් මීට පෙරද ඉල්ලා අස්වීමට උත්සාහ දරා තිබිණ.එහෙත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලි , ඇතුන් මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස නියෝග කර ඇති පසුබිමකදී ය.

නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් අලි ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට ලබාදීමට නියම කෙරිණි.

පරිසර ක්‍රියාකාරිකයෙකු වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය දෙපාර්තමේන්තුවේ ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීමට මූලික වූ අයෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles