Sunday, September 22, 2024

අඩු මුදලකින් කොරෝනා හඳුනාගන්න නව පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණියෙන්

කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලට මෙම නිර්මාණය හඳුන්වා දෙනු ලැබුවා.

මෙම නව පරීක්ෂණ ක්‍රමවේදය මගින් කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බවයි පර්යේෂකයින් පේනවා දෙන්නේ.

රුපියල් 1500 ක පමණ මුදලකින් අදාළ පරීක්ෂණය කළ හැකි බව එහි නිර්මාණකරු සඳහන් කර සිටිනවා.

මේ වන විට මෙයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතිය ලැබී ඇති අතර එහි ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටී.

මෙම විශේෂිත පරීක්ෂණ කට්ටලය “RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification)”ජාතික හා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම් කර ඇත.

මේ වන විට එන්නත්කරණයෙන් ජාත්‍යන්තර ප්‍රසාදයට අප රට පත්ව ඇතැයිද එමෙන්ම එන්නත්කරණයෙන් ලොව ඉහළම ස්ථානයකට අප පැමිණ ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඉතා කඩිනමින් කොවිඩ් ව්‍යසනය පරාජය කර රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලබන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles