Friday, September 20, 2024

ආණ්ඩුවට මෝල් හිමියන්වවත් පාලනය කරන්න බැරිවෙලා – තුෂාර ඉදුනිල්

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයට පැමිණි ආණ්ඩුවට හාල් මෝල් හිමියන්වත් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවසීය.

ජනතාවට සහන ලබාදීම කෙසේ වෙතත් තම ගජ මිතුරන්ට ලාභ ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා මෙසේ ද කීය.

“මේ ආණ්ඩුවට කොරෝනා අර්බුදයත් ආර්ථික අර්බුදයත් කළමනාකරණය කරන්න බැහැ. ආණ්ඩුව හදිසියේම මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතියේ විධිවිධානයන් සම්මත කරගත්තා. කෝවීඩ් මර්දනයට හදිසි නීතිය අවශ්‍ය වන්නේ කොහොමද කියන එක මේ අවස්ථාවේ තිබෙන ගැටලුවක්.

කෝවිඩ් යනු වසංගතයක් එය මර්දනය කර ගැනීම සඳහා අපේ රටේ ඕනෑ තරම් නීති ප්‍රතිපාදන තිබෙනවා. වසංගත රෝග නිවාරණ පනත තියෙනවා. හාල්, පිටි, සීනි ,පරිප්පු ,ඇතුළු භාණ්ඩ වල මිල අඩු කරන්න හදිසි නීතිය යටතේ තීන්දු ගැනීමටත් නීතිමය විධිවිධාන අවශ්‍ය වන්නේ නැහැ.

ඒ සඳහා පාරිභෝගික ආරක්ෂක අධිකාරියෙ පනත තියෙනවා. ඒ තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම තොග සඟවාගෙන ගැනීම වැනි කාරණාවලට මිල පාලනය වැනි දේවල් කරන්න පුළුවන්. අපේ රට තුළ ස්ථාපිත වෙච්ච ඕනෑතරම් අණපනත් නීතිරීති තිබියදී ආණ්ඩුව කඩිනමින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති විධානයන් රාශියක් පණවා ගනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles