Friday, September 20, 2024

කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් වෛද්‍යවරුන් තිදෙනකු ඉවත්වීම ගැන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනීගෙන් ප්‍රකාශයක්

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත්ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අතර සංචරණ සීමා පණවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත් අලුත් සැර ප්‍රභේද වරින් වර මතුවිය හැකි බවත් පවතින තත්වය තේරුම් ගෙන ජනතාව කොවිඩ් සමග ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවත් ඇය සඳහන් කළාය.

අද ලෝකයේ බොහෝ රටවල් ලොක්ඩවුන් තත්වයට නොයන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය චෝදනා කිරීමෙන් වැළකී කොරෝනා පරාජය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද පැවැසුවාය.

මේ පවතින්නේ චෝදනා කර කර ඉඳීමට කාලයක් නොවේ යැයිද විශාල අර්බුදයක් තිබෙන අවස්ථාවක සමහරු ෂර්ලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලීම වැරදියි යැයිද ඇය කීවාය.

එන්නත්වලට ලොකු ඉල්ලුමක් ඇතිවී ඇති වී තිබෙන හෙයින් සමහර ස්ථානවල ලොකු තදබදයක් පවතින බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය එවැනි ස්ථානවල ජනතාව සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතු බවද සඳහන් කළාය.

පශ්චාත් කොවිඩ් රෝගී තත්වයන් සම්බන්ධ තොරතුරු සායනික වෛද්‍යවරුන් ලබාදිය යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles