Friday, September 20, 2024

ෆයිසර් හම්බන්තොට විදින්නේ තරුණ ඇමතිගේ බලපෑමෙන්…

කොරෝනා මර්ධන ෆයිසර් එන්නත හම්බන්තොට එන්නත්කරණය ආරම්භ කළේ තරුණ ඇමතිගේ අවශ්‍යතාවය මත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එන්නත් සමග දේශපාලන ක‍්‍රීඩාවේ නොයෙදෙනැයි තමන් ඉල්ලා සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

පාසල් දරුවන්ට ලබා දීමට සුදුසු බවට දැනට පිළිගෙන ඇති ෆයිසර් එන්නත මෙරට පාසල් සිසුන්ට ලබා දී එළැඹෙන ජනවාරි මාසයේවත් පාසල් පටන් ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.

අද මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයම, සෞඛ්‍ය යාන්ත්‍රණයම අවුල් වී ගොස් ඇති බවත් ඊට හේතු වී ඇත්තේ දේශපාලනඥයින් විසින් එන්නත්කරණය තම අතට ගෙන ඇති නිසා බවද ඒ මහතා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles