නව රජයක් පිහිටුවීමට තලේබාන් සංවිධානය ගත් පියවර චීනය ප්‍රශංසාවට ලක් කර ඇති අතර ඇෆ්ගනිස්තානය එනම් ඉස්ලාමීය එමිරේටය වෙත දැවැන්ත ආධාරයක් ලබාදීමට චීනය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තලේබාන් නව පාලනය සමග සමීප සබඳතා පවත්වාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 22ක ආධාරයක් ප්රදානය කිරීමට චීනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම ආධාර යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කොවිඩ් එන්නත් තොගයක් ලබාදීමට නියමිතයි.