ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටස් 200කට අධික ප්‍රමාණයක් අයථා ලෙස බදු දීම සහ අනවසරයෙන් අල්ලා ගැනිමක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පූර්ණ බලැති කමිටුවක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අදාළ කමිටු වාර්තාව මාසයක් ඇතුළත බාර දෙන ලෙසද කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජේ.එම්.උදිත්.කේ ජයසිංහ මහතාට උපදෙස් ලබා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී අනාවරණය වුයේ නීත්‍යානුකූල නොවන අකාරයෙන් මෙසේ බැහැර කළ ඇති ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂයකට වැඩි බවයි.
කමිටුවේ වාර්තාව ලැබුණු පසු කරුණු විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමටත් එම කොමිසමේ නිර්දේශ අනුව නීත්‍යානුකූල ක්‍රියා මාර්ග ගැනීමටත් අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.