පකිස්තානයට පැමිණීම සදහා දහස් ගණනක් ඇෆ්ගනිස්තාන ජාතිකයන් දේශසීමාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන් කන්දහාර් ප්‍රාන්තයේ දේශසීමා ආශ්‍රිතව කාන්තාවන් සහ ළමුන් ඇතුළු සරණාගතයන් පන්දහසක් පමණ රැදී සිටින බව එරට වාර්තාවල දැක්වේ.
පකිස්තානය විසින් මෙම සරණාගතයන් අතරින් තෝරා ගත් පිරිස් පමණක් එරටට ඇතුළු කරගන්නා බව පැවසේ.
මේ හේතුවෙන් දහස් ගණනක් වන සරණාගතයන් සති කිහිපයක් තිස්සේ නිසි ආහාර පවා නොලැබ දේශසීමාවේ රැදී සිටින බව සදහන් වේ.
මෙි අතර විශාල මුදලක් ලබාගෙන ,දේශසීමාව තරණය කිරීමට පහසුකම් සපයන ජාවාරම්කරුවන්ගේ කටයුතු හේතුවෙන් ගැටලුව තවත් උග්‍රවී ඇති බවද විදෙස් වාර්තාවල සදහන් වේ.