Friday, December 27, 2024

ගුරැ වර්ජනයට මාස දෙකයි

වැටුප් විසමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරුවරුන් ඔන්ලයින් (මාර්ගගත) අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව මාස දෙකක් සපිරේ.
කොරෝනා ව්‍යාප්තිය නිසා ඉකුත් වසරේ මෙන්ම මෙම වසරේද පාසල් නිසි ලෙස පැවැත්වීමට නොහැකි වීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතරව තිබෙන මොහොතක ඔන්ලයින් මගින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
කෙසේවෙතත් ගුරු වැටුප් විසමතා ප්‍රශ්නය මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති සංගම් දහහතරක් එක් වී ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළේ ඉකුත් ජූලි මාසයේය. ගුරු විරෝධතාවයකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් ජූලි මස 8 වැනිදා අත්අඩංගුවට ගෙන නිරෝධනයට යොමු කිරීමත් සමඟ ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළහ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව එම විරෝධතාව සංවිධාන කර තිබුණද අවසානයේදී එම සටන ගුරු වැටුප් විසමතා ඉවත් කිරීමේ සටනක් බවට පත් වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles