Thursday, October 31, 2024

සේවයට නාවොත් බන්ධනාගාර නියමකයන්ට වැඩ වරදී

බන්ධනාගාර නියාමක තනතුරට සුදුසුකම් ලත් 788 දෙනාගෙන් 270 දෙනකු සේවයට වාර්තා කර නැති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ සඳහා සුදුසුකම් ලැබූ එම පිරිසට පැය 72කට පෙර සිදු කළ පීසීආර් පරීක්ෂණයක වාර්තාව ද රැගෙන ඉකුත් 6 වැනිදා ඔවුන් අනුයුක්ත කර ඇති බන්ධනාගාර වෙත වාර්තා කර ලෙසට දැනුම්දී තිබූ අතර එම වාර්තාච රැගෙන පැමිණ ඇත්තේ 518 දෙනෙකු පමණක් බව ද ඒකනායක මහතා කියයි.

සේවයට වාර්තා නොකළ 270 දෙනාගෙන් 65කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඔවුන් ගේ පීසීආර් පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර තිබේ. සේවයට වාර්තා නොකළ අනෙක් පිරිසට සේවයට වාර්තා කිරීමට සතියක පමණ සහන කාලයක් දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එම සහන කාලය නිම වීමෙන් පසු සේවයට වාර්තා නොකරන බන්ධනාගාර නියාමක නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ පියවරක් ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඉකුත් 2019 වසරේ පැවති තරග විභාගයෙන් සමත්ව සුදුසුකම් ලැබූ 788 දෙනෙකු බන්ධනාගාර නියාමක තනතුර සඳහා මෙසේ බඳවා ගෙන තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles