Wednesday, October 30, 2024

“P‌fizer එන්නත හම්බන්තොටට දීම කුමන්ත්‍රණයක්.”“මෙහෙම ගියොත් වැඩක් කළ රාජපක්ෂලා මෙතැනින් ඉවරයි – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

PFizer කොවිඩ් මර්දන එන්නත හම්බන්තොට ප්‍රදේශයට ලබා දීම කුමන්ත්‍රණයක් බව නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

“ඇත්ත වශයෙන් ම කවුරුහරි හිතාමතා ජනාධිපතිතුමාට ලකුණු දාගන්න වැඩක් ද,නාමල් මහත්තයගෙන් ලකුණු දාගන්න කරපු වැඩක් ද එහෙමත් නැත්නම් අගමැතිතුමාට නම් ලකුණු දාගන්න වැඩ කරන්නේ නැහැ.හම්බන්තොට නෙවෙයි හැම කෙනාට ම ගහන්න තියෙද්දි දැන් ඒගොල්ලෝ කියනවා ගුවන් තොටුපළ තියෙනවා කියල.කොළඹත් තියෙනවනේ කොළඹ පහු කරල කොළඹ චීනෙට දීලා ඇයි හම්බන්තොටට Pfizer එක දෙන්නේ.මේකේ රහසක් හරි කුමන්ත්‍රණයක් හරි ලකුණු දමා ගැනීමක් තියෙන එකයි මට පේන්නේ,”යනුවෙන් උන්වහන්සේ සඳහන් කළේය.

තවදුරටත් උන්වහන්සේ කියා සිටිටේ ප්‍රබුද්ධ විශේෂඥ වෛද්‍යවරුන් ඉවත් වීමෙන් දවසින් දවස කොරෝනා ව්‍යසනය වර්ධනය වීමක් සිදු වන බවයි

“එක පැත්තකින් අපිට හිතෙනවා මේක ආණ්ඩුවක් ද එහෙම නැත්නම් සෙල්ලමක් ද සෙල්ලම් ආණ්ඩුවක් ද. සීනි ටිකක්වත් නැහැ. සීනි ටික ගන්නවා සල්ලිවලට සීනි ටික අර ගන්නවා. ඕක ද ආණ්ඩුවක් කියන්නේ. අපේ රටේ අශ්වයා පැන ගියාට පස්සේ තමයි ස්තාලය වහන්නේ. මේ කෙරෝනා ව්‍යසනය තුරන් කරන්න පුළුවන් ද හදිසි නීතිය මගින්. අද මේ වැඩ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ද එහෙම නැත්නම් නන්දසේන රාජපක්ෂ මහත්මයා ද කියල අපට අහන්න තියෙනවා. ආරක්ෂක ලේකම්තුමා කරපු දේවල් තමයි අද ජනාධිපතිතුමා කරන්නේ.

මේවා එකක්වත් පාර්ලිමේන්තුවේ ලකුණු දාන්න කතා කරන ප්‍රාණ ඇපකාර ඇමතිවරු එක්කෙනෙක්වත් මේවා මුහුණට කියන්නේ නැහැ. දැඩි ලෙස පහර දුන්නා හදිසි නීතියට ඇතැම් මන්ත්‍රීවරු එදා. අද ඇමතිකම් දරාගෙන කබරයා තලගොයා පැත්තට හරවලා ඒ ප්‍රතිපත්තියෙන් තමා කතා කරේ හදිසි නීතිය පිළිබඳව.

මං ඔය ඇමතිවරුන්ටත් කියනවා කියන එක බය නැතුව කෙලින් කියන්න සමහර විට ඔබට එක පාරක් පුටුවක් නැති වුණොත් පුටු දහයක් හම්බ වෙයි ජනතාවගෙන් ඊට පස්සේ මේකේ හොඳ ම පාඩම තමයි පුළුවන් නම් ඉදිරියේදී මහ මැතිවරණයක් හරි පාර්ලිමේන්තු මැතිවරණයක් හරි පළාත් සභා මැතිවරණයක් හරි තිබ්බොත් මේ ජනතාව ඉන්නේ කොතන ද කියන එක කාට කාටත් තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙයි. අද ඒ තරම් ජනතාවට වහ කදුරු තත්ත්වයට පත්වෙලා තියෙනවා.

දවසින් දවස කොවිඩ් කමිටුවලින් මිනිස්සු අස් වෙනවා. ආත්ම ගරුත්වයක් තියෙන අය අස්වෙනවා. අද එක නීතියක් ගේනවා, එක චක්‍රලේඛයක් ගේනවා ඒක හවසට වෙනස්කම් කරනවා.

ඔළුවේ මැටි තිබෙන තමන්ගේ වාසියට කතා කරන විශේෂඥ කොටසක් ඉන්නවා. ඔවුන් ළඟ තියාගෙන නම් මේ වැඩ කරන්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයටයි මේ කියන්නේ නන්දසේන රාජපක්ෂ මහත්මයට නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ගමන් මාර්ගය ටිකක් වෙනස් කරන්න.”

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles