Tuesday, November 19, 2024

හොංකොංහි ප්‍රධානතම විවේචනාත්මක මාධ්‍ය ආයතනය වසා දැමේ.

හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය යන අරමුණින් එරට තුළ විවේචනාත්මක මාධ්‍ය භාවිතාවක නිරත වූ නෙක්ස්ට් ඩිජිටල් මාධ්‍ය ආයතනය සම්පූර්ණයෙන්ම වසා දැමීම ආරම්භ කර තිබේ.

දිගින් දිගටම එල්ල වූ චීන බලපෑම් හේතුවෙන් මෙහි ප්‍රධාන ප්‍රකාශනය වූ ඇපල් ඩේලි පුවත්පත පසුගිය ජූනි මාසයේදී ප්‍රකාශනය නවතා දමනු ලැබිණ.

⁣විවිධ රාජ්‍ය විරෝධී සහ මූල්‍ය වැරදි සම්බන්ධ චෝදනා නගමින් හොංකොං බලධාරීන් විසින් සමාගමෙි ආරම්භකයා වූ ජිමී ලායි සිරගත කිරීමට ද කටයුතු කොට තිබේ.

ඊට අමතරව සමාගමෙි කතුවරැන් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් මෙන්ම විවිධ නිලධාරින් රැසක්ද පසුගිය කාලසීමාවේදී විවධ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබිණ.

මෙි පසුබිම තුළ සමාගම තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොටස් හිමියන්ට දන්වා ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.

චීනයේ බලපෑම් හේතුවෙන් වත්මන් පරිපාලනය හොංකොංහි පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඇති බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles