Tuesday, November 19, 2024

ඇමරිකාවම හෙලවූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 20

අමෙරිකාවේ වොෂින්ටන් – නිව්යෝර්ක් දෙනුවරට එල්ලවූ ප්‍රහාරයට අදට වසර 20 ක් සපිරෙනවා.

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා අමෙරිකාවේ වේලාවෙන් පෙරවරු 08 යි 46 ටයි නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුණට පළමු ගුවන් යානය කඩා වැදුණේ.2001 වසරේ සැප්තැම්බරයේ 11 වැනිදා, අඟහරුවාදාවකි. මරාගෙන මැරෙන ප්‍රහාරකයෝ එක්සත් ජනපදයේ මගී ප්‍රවාහන ජෙට් යානා තම ග්‍රහණයට ගෙන නිව්යෝර්ක් නුවර උසැති ගොඩනැගිලි දෙකක ගැටෙන්නට සැලැස්වූහ. දහස් ගණනකට ජීවිත අහිමි විය.

ඇමරිකාවේ පමණක් නොව මුළු ලොවටම බලපෑ, ශතවර්ෂය තුළ සිදුවූ දරුණුතම සිද්ධියක් ලෙස එය තවමත් වර්තාගතය.ඉන් විනාඩි කිහිපයකට පසු දකුණු කුලුණටද ත්‍රස්තවාදීන් විසින් පැහැරගනු ලැබූ ගුවන් යානයක් කඩා වැදීමට සලස්වනු ලැබුවා.

වොෂින්ටන් නුවර පෙන්ටගන් ගොඩනැගිල්ලට 03 වන ගුවන් යානය පතිත වූයේ අමෙරිකාවේ වේලාවෙන් පෙරවරු 09 යි 37 ටයි.

එක්සත් ජනපදයේ නැගෙනහිර අහසේ පියාසර කෙරෙමින් තිබූ ගුවන් යානා හතරක් එකවර පැහැරගැනීමට ලක්විය. ඒ සඳහා ක්‍රියාත්මක වූයේ කුඩා කණ්ඩායමකි.

නිව්යෝර්ක් සහ වොෂින්ටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ ගොඩනැගිලිවලට පහර දීම සඳහා මෙම යානා දැවැන්ත මිසයිලයන් ලෙස යොදා ගන්නා ලදී.ගොඩනැගිල්ලට ගිනි ඇවිලිණි. ඉහළ මහල් තුළ සිටි මිනිසුන් කොටු විය. නගරය දුමෙන් වැසුණි. දෙපැයක් ගතවන්නට පෙර මහල් 110කින් සමන්විත ද්විත්ව ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ දැවැන්ත දූලි වලා ඇතිකරමිනි.

පැහැර ගැනීමට ලක්වු 04 වන ගුවන් යානය එදින පෙරවරු 10 යි 03 ට පමණ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ වගාබිමකට කඩා වැටී තිබූ අතර එහි ඉලක්කය බොහෝ දුරට ධවල මන්දිරය හෝ කැපිටල් ගොඩනැගිල්ල විය හැකිව තිබූ බවටයි පසුව අනාවරණ වී තිබුණේ.

මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් සිවිල් වැසියන් 2977 දෙනෙකු සහ ප්‍රහාරයේ වගකීම භාරගත් අල්කයිඩා සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු මරණයට පත්වුණා.

අමෙරිකාව විසින් සැගව සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ඇෆ්ඝනිස්ථානය තුළ යුධ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේද සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුවයි.

කෙසේවෙතත් එම මෙහෙයුම් වසර 20 කට පසු පසුගිය 30 වනදා නිමාවට පත් කෙරුණා.

අල් ඛයීඩා නමැති අන්තවාදී ඉස්ලාමීය ජාලය, ඇෆ්ගනිස්ථානයේ සිට මෙම ප්‍රහාරය සැලසුම් කළේය.

මුස්ලිම් ලෝකයේ පවතින ගැටුම් වලට එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාර්ශව වගකිව යුතු බවට ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුක්ත වූ අල් ඛයීඩා සංවිධානය චෝදනා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles