Sunday, November 17, 2024

ඇමති බන්දුලට දෙවියන්ගේ හාල් කැවිලා. ආණ්ඩුවෙි ඡන්ද ලක්ෂ 30ක් නැතිකරන කුමන්ත්‍රණයක යෙදෙනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර

සහල් වෙළෙඳ පොලේ ගැටළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා මුඛයෙන් අදහස් දක්වමින්,

“සහල් ලබා ගන්නේ පොලොව හාරලා නෙවෙයි. ගැසට් හෝ විශ්‍රාමික නිල ඇඳුම් පෙන්වල ගොවියාවයි වී මෝල් හිමියන්වයි බය කරල මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවා කෙටි කාලීන වැඩ. නමුත් දීර්ඝ කාලීනව රටේ ආහාර සුරක්ෂිතතාවයට පමණක් නොවෙයි ආණ්ඩුවේ පැවැත්මටත් ඒවා බලපානවා. ඇමති බන්දුල වගේ උගත් අයෙකුට මේ නිර්දය සත්‍යය තේරෙන්නේ නැහැ කියල අපට හිතෙන්නේ නැහැ.ඔහුට දෙවියන්ගේ හාල් කැවිලා නැතිනම් ඔහු වී ගොවි පවුල් ලක්ෂ15ක ඡන්ද ලක්ෂ 30ක් ආණ්ඩුවට අහිමිකරවන කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්. සීනි ආනයනයකරුවන්ට රුපියල් මිලියන 29,000 ක බදු සහන දීල ඉන් පස්සේ රුපියල් 85ට පැනවූ පාලන මිල නැවත රුපියල් 122කට ඒ කියන්නේ රුපියල් 42 කින් වැඩි කරන්න නිර්ලෝභී වන ඇමතිවරුවරුන්ට ගොවියාට වී කිලෝ එකකට රුපියල් 60ක් ගෙවල සහල් මිල රුපියල් 10 කින් වැඩි කරල ප්‍රශ්නය විසඳන්න බැරි ඇයි.ගොවියා දුකට පත් කරල බත් කන්න ඕනද කියල ජනමත විචාරණයක් තිබ්බොත් ඇමති බන්දුලට ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා.” යනුවෙන් පවසා සිටියේය.

Colombogurdian.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles