Saturday, November 16, 2024

නිදහසේ හිටපු අලි පැටව් බලහත්කාරයෙන් අරගෙන යන හැටි බලන් ඉන්න බැරි උනා ඒ නිසා අයින් උනා. – ඉෂිනි වික්‍රමසිංහ කියයි.

පින්නවලින් බලහත්කාරයෙන් අලි ඇතුන් රැගෙන යාම වළක්වමින් එම සතුන් ආරක්ෂා කිරීමට තමන්ට නොහැකි වූ බව ෆේස්බුක් සටහනක් තබමින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉල්ලා අස් වූ ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පවසා ඇත.

‘ශ්‍රී දේවි’ පින්නවෙල සිටින ඉතා ආදරණීය අලියෙකි. පින්නවලින් බලහත්කාරයෙන් ගෙනයාමේදී ඇය සහ අනෙකුත් අලි ඇතුන් ආරක්‍ෂා කිරීමේදී මම අසරණ වූණා’ යනුවෙන් ඉෂිනි සිය ෆේස්බුක් සටහනෙහි සඳහන් කර තිබේ.

පින්නවල අලි ට්‍රක් රථවලට පටවාගෙන යන වීඩියෝ පටයක්ද සිය ‌ෆේස්බුක් පිටුවේ බෙදා ගනිමින් ඉෂිනි පැවසුවේ එය ඔවුන්ගේ නිදහස උදුරා ගැනීමේ ක්‍රියාවක් බවයි. “කෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා ඔවුන්ගේ නිදහස උදුරා ගැනීම මොනතරම් කුරිරු ක්‍රියාවක්ද,” යනුවෙන් ඉෂිනි තවදුරටත් පවසා තිබේ.

එක් පුද්ගලයෙකුගේ කැමැත්තට පින්නවල රඳවා සිටි එම අලි ඇතුන් බලහත්කාරයෙන් රැගෙග ගිය බවද ඇය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles