පවතින වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරන අතරම ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ඉදිරිපත් කළ මෙරට සංවර්ධන වැඩපිළිවෙල යටතේ දිවයින පුරා සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක වෙන බව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සංවර්ධන වියපෘතින් ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
කොරෝනා වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරමින් දිවයිනපුරා දිනකට අවම වශයෙන් එන්නත්කරණ මධ්‍යස්ථාන 400 කදී පමණ එන්නත්කරණය කිරීමේ වැඩසටහන් ඉතාමත් ම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ලෝකය විශ්වාස කරන අන්දමට කොරෝනා වසංගතයට එන්නත්කරණය සිදුකොට එහි ව්‍යාප්තිය පාලනය කර සෞභාග්‍යයේ දැක්ම හරහා ලබාදුන් රටේ සංවර්ධන හා ආර්ථික සංවර්ධන සැලැස්ම ඉදිරියට රැගෙන යන්න අපි කටයුතු කරනවා.
මේ වනවිටත් මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 280කට වැඩි ප්‍රමාණයක් සහ ග්‍රාමීය මට්ටමින් කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 25,000කට වැඩි ප්‍රමාණයක් සෑම අමාත්‍යාංශයකින් ම පළාත් පාලන ආයතන දක්වා ක්‍රියාත්මක වෙනවා. දිවයිනපුරා සිදුවන එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම අද යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අධීක්ෂණයෙන් ආරම්භ කරනවා.
ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සිදුවන ආකාරය, ඒවායේ අඩුපාඩු සහ ප්‍රමාද දෝෂයන් ඇත්නම් හඳුනාගෙන එම ව්‍යාපෘති කඩිමින් අවසන් කිරිමට කටයුතු කරනවා. රටේ ජනතාවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ආණ්ඩුවත් ලබාදුන් එම සංවර්ධනීය බලාපොරොත්තුව යථාර්ථයක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.
ඉදිරි කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ආශිර්වාදයෙන් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරනවා. ඒවගේ ම සෑම සංවර්ධන යෝජනා ක්‍රමයක් ම කඩිනමින් සහ නිවැරදිව ක්‍රියාත්මක වීම සහ නියමිත ප්‍රමිතියෙන් හා නියමිත කාලවකවානුවල දී එම ව්‍යාපෘති අවසන් කිරීම පිළිබඳව අධීක්ෂණය කරමින් ගමේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරනවා.
මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න අපි රටක් ජාතියක් ලෙස එකට එක්වෙමු යැයි එහිදී අමාත්‍යවරයා සියලුදෙනාට ආරාධනා කර සිටියේය.