පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රචාරය වන කරුණු නිවැරදිව සනාථ කිරීමේ කාර්ය භාරය නිතීය ක්‍රියාත්මක කරන ආයතන වලට පැවරෙන බැවින් නිසිලෙස විමර්ශන කටයුතු අවසන් කිරීමට යම් කාලයක් ගතවන බව පොලිස්පති චන්දන වික්‍රමරත්න පවසයි.
මෙකි සිද්ධියට අදාළ තොරතුරු (ඇත්නම්) ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පොලිස්පති වික්‍රමරත්න ඉල්ලා සිටියේය.
තවදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ ඕනෑම සිදුවීමකට සම්බන්ධ සියළුම තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය තහවුරු කරන බවයි.
අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තිය ප්‍රචාරණයට සම්බන්ධ සියළුම පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරමින් සිටින බව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මෙහෙයුම් පිළිබඳව හෙළිදරව් කරමින් සිටින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න පවසයි.