ඇමතිවරැ කියන්නේ බොරැ,කිසිම භාණ්ඩයක් ආනයනය නවත්වා නැහැ.බලවත් ආනයනකරැවන්ට ඔිනෑම දෙයක් ආනයනය කළ හැකියි – ජාතික සංවිධාන එකමුතුව

0
306

ආණ්ඩුවේ සහ විපක්ෂයේ පිරිස් දෙපසට බෙදී හිස් වාද විවාද සහ හිස් ප්‍රලාප දෙඩ වුවද ආණ්ඩුව විසින් කිසිදු භාන්ඩයක් ආනයනය කිරීම තහනම් කර නැති බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාට අනුව දැන් සිදුවී ඇත්තේ භාන්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී එහි මුළු වටිනාකම මුදල් ලෙස තැන්පත් කිරීමට කොදේසියක් පැනවීම පමණයි.

ඒ අනුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ විවිධ අන්තවාදී සංවිධාන වලින් ආයෝජන සඳහා මුල්‍යය සහය ලැබෙන ව්‍යාපාරිකයන්ට කිසිදු ගැටළුවකින් තොරව ණයවර  ලිපි නිකුත් කර සීමා කළා යැයි කියන භාන්ඩ ආනයනය කළ හැකි බව ඔහු පවසයි.

එහිදී වෙළෙඳ තරඟය සීමා වන බැවින් මිල ඉහළ දැමීමටද හැකියාව ලැබෙන නමුත් ආණ්ඩුවට කිසිදු ආදායමක් නොලැබෙන බව වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා  අවධාරණය කරයි.

ආණ්ඩුවේ මෙම තීන්දුව මගින් පාරිභෝගිකයාට සහ රජයට පමණක් නොව සුළු ව්‍යාපාරිකයාටද බරපතල අවාසියක් සිදු වන අතර ඩොලර් ඉතිරි වීමක්ද සිදු නොවන බව වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතාට අනුව ආණ්ඩුවේ පණ්ඩිතයින්ට මොළේ කළඳක් ඇත්නම් කළ යුත්තේ ආනයන බදු ඉහළ දැමීම මගින් පරිභෝජනය සීමා කිරීමයි .  එවිට ආණ්ඩුවට බදු ආදායම ලැබෙන අතර ලොකු කුඩා සියළු ව්‍යාපාරිකයන්ට තරඟ කිරීමේ අවස්ථාවද ලැබෙන බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here