ඉතාලියට ගොස් සිටින අගමැතිට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර

0
548

ජී 20 අන්තර් ආගමික සංසදයට සහභාගී විම සඳහා ඉතාලියේ බොලොඤ්ඤෝ නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවුණා. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැක ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා නවාතැන් ගෙන සිටි හෝටලය ඉදිරිපිටට විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. 

එහිදී අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කළ එම ශ්‍රී ලාංකිකයින් ජංගම දුරකථන මගින් අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූප ලබාගැනීමටත් කටයුතු කර තිබෙනවා. 

එලෙස රැස්ව සිටි ශ්‍රී ලාංකිකයින්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය සුබ පැතුම් එක්කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here