වසර දෙකකින් රට සංවර්ධනය කරන හැටි රනිල් කියයි

0
331

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය.

එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි බව ද වික්‍රමසිංහ මහතා කීය.

චීනය ඇතුළු දියුණු රටවල මෙවැනි වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති ඇති බවද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 115 ක් වන ජන්ම දින සැමරුම ද නිමිති කර ගනිමින් කරගනිමින් පවත්වන ලද එජාප ඔන්ලයින් සමුළුව  මාලාවේ පළමු සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here