Friday, September 20, 2024

ගොවීන් වී අලෙවි නොකළොත් රටින් හාල් ගේන්න වෙිවි

ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

එවැනි තීරණයකට තමා පෞද්ගලිකව අකමැති වුවද ගොවීන්ගේ සහයෝගය නොලැබුණොත් ඇතිවිය හැකි තත්ත්වයන්ට  තනිව එරෙහි වීමට තමාට හැකියාවක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවියන්ට වී සඳහා ලැබෙන සහතික මිල ප්‍රමාණවත් නැතැයි  කිව්වත් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව පොහොර සහනාධාරයත් සමඟ වැඩිපුර රුපියල් 31ක් ගොවීන්ට ගෙවන බව කී අලුත්ගමගේ මහතා

ඉකුත් ආණ්ඩුව වී මිලදී ගත්තේ කිලෝවක් රුපියල් 30 බැගින් බවද පැවසීය.

ගොවීන් මේ සැබෑ තත්ත්වය තේරුම් ගත යුතුව ඇතැයි ද  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී  සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles