ලොහාන්ගේ මන්ත්‍රීකමත් නැතිවෙයිද? මැතිවරණ කොමිසම කතානායකගෙන් ඉල්ලීමක් කිරීමේ සූදානමක !

0
311

මහජන නියෝජිතයින් බන්ධනාගාර තුළට ඇතුළු වී රැඳවියන් බිය ගැන්වීමේදී රටේ මැතිවරණ ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය නැති වන බව පවසමින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සුදුසු පියවර ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව වාර්තා වේ.
හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධව පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිදු වූ සිද්ධීන් පිළිබඳව මැතිවරණ කොමිසම ඊයේ දිනයේදී විශේෂ සාකච්ඡාවක් කොට ඇත.
කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ එවැනි මහජන නියෝජිතයින් බන්ධනාගාර වෙත පැමිණ රැඳවියන් බිය ගැන්වීම තුළින් රැඳවියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පමණක් නොව මහජනතාව ද මැතිවරණ ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය නැති කර ගනු ඇති බවයි.
මහජන නියෝජිතයින්ගේ මෙවැනි ක්‍රියාවන් තුළින් රටේ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය පිළිබඳව මහජනතාවට සැකයක් ඇති වන බව ද ඔහු පැවසීය.
මේ නිසා මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව සභාපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here