Wednesday, October 23, 2024

චීන කාබනික පොහොර ගෙන්වන්න 4 දෙනෙකුගේ කල්ලිය බරටම වැඩ… කොමිස් මුදල ඩොලර් මිලියන 5ක්

චීන සමාගමක් හරහා මිලදී ගැනීමට නියමිත කාබනික පොහොර මේ රටේ භෝග වගාවන් විනාශ කිරීමට සමත් ක්ෂුද්‍ර ජීවින් සිටිය හැකි බවත්, එය මේ වන විට ඔප්පු වී ඇති බවත්. මෙම ගනුදෙනුව පිටපස සිටින්නේ 4 දෙනෙකුගේ කල්ලියක් බවත් ඉදිරියේදී තම සංවිධානය ඔවුන් හෙළි කිරීමට කටයුතු කරන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝ මහතා පවසනවා.

කාබනික පොහොර වලට ගැලපෙන ලෙස ප්‍රමිති වෙනස් කරන්නයි ඒවා ගෙන්වන පිරිස් විසින් ප‍්‍රමිති ආයතනයට බලපෑම් කරමින් ඇති බවත් ඔහු හෙළිදරව් කළේය.ආනයනික කාබනික පොහොර වලින් මෙරට පරිසරයට හානි වන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යන බවත් මෙහිදී පවසා සිටියේය.

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර වර්ග තුනක අහිතකර බැක්ටීරියාවන් ඇති බවට පර්යේෂණවලින් දැනටමත් තහවුරු වී ඇතැයි ද එම සංවිධානය කියා සිටියි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“මේ අණපනත් කිසිම එකක් සැලකිල්ලට නොගෙන කොහොමද මේ සාම්පල් පොහොර ගේන්නෙ ? චීනයෙන් අඩුම ගානෙ ශාක ආරක්ෂක සහතිකයක් තිබුණාද ? එහෙමවත් නෑ. ප්‍රමිති ආයතනයටත් යම් යම් බලපෑම් තියෙනවා කියලා අපි සෘජුවම වගකීමෙන් කියනවා. ප්‍රමිති ආයතනයට මේක වෙනස් කිරීම සඳහා බලපෑම් කරනවා. මේකෙ ඉන්නවා හතරදෙනාගේ කල්ලියක්. අපි ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා.

අපි මහින්දානන්ද අමාත්‍යවරයාට මම අභියෝග කරනවා ජාතික ගොවිජන එකමුතුව විදියට පුළුවන් නම් සජීවී රූපවාහිනී සංවාදයකට එන්න, සියලු තොරතුරු අපි ගාව තියෙනවා. අපි මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්න හතරදෙනාගේ කල්ලිය ගැන අපි තොරතුරු දන්නවා. ඒ හතරදෙනාගේ කල්ලිය විසින් තමයි මේ රටේ කෘෂිකර්මාන්තයයි, මේ ගොවියායි සියලු දෙනාම වළපල්ලට යවන තීන්දු තීරණ ගන්නේ සහ කුමන්ත්‍රණ සකස් කරන්නෙ”

ජාතික ගොවිජන එකමුතුව යනු වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා ප්‍රබල මතවාදීමය දායකත්වයක් සැපයූ ජාතික සංවිධාන එකමුතුවට අනුබද්ධ සංවිධානයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles