Sunday, May 19, 2024

සුජීව විජේනායකට ජපානයේ තවත් තනතුරක්

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක මඩුල්ල නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සුජීව ජයන්ත විජයනායක ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය මඟින් ජපානයේ BRAND Ambassoder තනතුර පිරිනමා තිබෙනවා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවති මෙම විශේෂ උත්සවයට ගරු තානාපති සංජීව් ගුණසේකර මහතා, නියෝජ්‍ය තානාපති ගරු චන්දන වීරසේන මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් සහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ ගරු සභාපති ජගත් රාමනායක මහතා ඇතුළු නිලධාරී පිරිසක්ද සහභාගී විය.

තානාපති තුමා විසින් ටෝකියෝ ඔලිම්පික් හී දැක්වූ සුවිශේෂී වූ දක්ෂතාවය අගයමින් විශේෂ කතාවක්ද පැවැත් වූ අතර විශේෂ සිහිවටනයක්ද පිරිනමන ලදී.
https://youtu.be/2nl6r8kGsPM

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා, නියෝජ්‍ය තානාපති චන්දන වීරසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබූ අතර එහි දී තානාපතිවරයා විසින් සුජීවගේ සේවය ඇගයීමට ලක් කර තිබුණා.

තමන්ට හිමි වූ නව පත්වීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතමින් සුජීව විජේනායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙතෙක් වසර 15ක් තිස්සේ ජපානයත් ශ්‍රී ලංකාවත් අතර පවත්වාගෙන ආ එම මිත්‍රත්වය නව පත්වීමත් සමඟ වැඩි කර ගනිමින් ශ්‍රී ලංකාවට විශාල කීර්ති නාමයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles