ලිත්‍රො ගෑස් සමාගම පවතින මිලට ගෑස් සැපයීමෙන් දිනකට රුපියල් මිලියන අසූවක් පමණ පාඩුවක් ලබන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කරයි.
මේ ආකාරයටත් තවදුරටත් සිදු වූවොත් ලිත්‍රො සමාගමට ද ණය ඉල්ලීමට සිදුවිය හැකි බවද ඒ මහතා පැවසීය.
මෙතෙක් පාඩුපිට ගෑස් වෙළඳ පොලට නිකුත් කිරීමෙන් සමාගම සංචිතයේ තිබූ රුපියල් බිලියන දහයක් මෙම වසර තුළ පමණක් වියදම් වී ඇතැයිද ඔහු කියා සිටියේය.
ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගෑස් මිල වැඩි කරන්නැයි කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමට මෙතෙක් හොඳ ප්‍රතිචාරයක් ලැබී නැති බවද සඳහන් කරන සභාපතිවරයා පැවසුවේ දැනට පවතින්නේ ලෝක වෙළදපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 368 තිබියදී නියම කරන ලද මිල ගණන් බවයි.
නමුත් අද වන විට ලෝක වෙළදපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 665 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ලබන මාසයේදී 740 තෙක් ඉහල යනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.