Wednesday, November 27, 2024

ලෝකයේම බලාපොරොත්තු සුන් කරමින් කොරෝනා අලුත් වෙයි – තවත් මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක් ඇමරිකාවෙන් මතුවෙයි

කොවිඩ් ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් ගැන අමෙරිකාවේ අවධානය යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නව ප්‍රභේදය ආර් පොයින්ට් වන් (R.1) ලෙස හඳුන්වන අතර එය මුලින්ම ජපානයෙන් හඳුනාගෙන තිබේ.

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් එම නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 45 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ව්‍යාප්ත වීමේ, ගුණනය වීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන විකෘතීන් මෙම නව ප්‍රභේදය සතුව පවතින බව විද්‍යාඥයින් සඳහන් කර තිබේ.

මෙහි බොහෝ දුරට ඩෙල්ටා ප්‍රභේදයේ ලක්ෂණ අඩංගු වන අතර මේ වන විට වාර්තා වී ඇති කරුණු අනුව නිපදවා ඇති කොවිඩ් එන්නත් අභිබවා යාමේ හැකියාවක් මේ නව ප්‍රභේදයට තිබෙන බව වාර්තා වනවා.ඒ අනුව එන්නත්කරණයට ලක් වූ පිරිස මෙන්ම එන්නත්කරණයට ලක් නොවූ පිරිසද වෙනසකින් තොරව මිය යාමට හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.

මේ හේතුවෙන් මෙම ආර් පොයින්ට් වන් ප්‍රභේදය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට “R.1” ප්‍රභේදය වැළඳුනු පිරිස එක රටකින් 2,200ක් පමණ වන අතර ලෝකයේ විවිද රටවලින් 10,000ක් පමණ හඳුනා ගෙන තිබෙනවා,

අමෙරිකාව, ජපානය හා ජෝර්ජියව ඇතුළු රටවල් ගණනාවකට මෙය ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ

Ceylon 24*7

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles