Wednesday, November 20, 2024

දකුණු අධිවේගයේ දිගුවකට චීනයෙන් තවත් ණයක්

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සියලු අදියරයන් සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත් 4 සඳහා අරමුදල් සපයා ගනු පිණිස චීන අපනයන – ආනයන බැංකුව සමඟ දැනටමත් රජය ගිවිසුම් හතරකට අත්සන් තබා ඇති අතර ව්‍යාපෘතියේ සිවිල් වැඩ අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා ලබාගැනීම සඳහා අරමුදල් සපයාගනු පිණිස චීන රජය සමඟ කාලරාමු ගිවිසුමකට හා චීනයේ අපනයන – ආනයන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. මුළු දිග කිලෝ මීටර් 96ක් වන මෙම ව්‍යාපෘතියේ පළමු කොටස මාතර සිට බෙලිඅත්ත (කි.මී.30) දක්වා ද, දෙවන කොටස බෙලිඅත්ත සිට වැටිය (කි.මී.26) දක්වා ද, තෙවන කොටස වැටිය සිට අන්දරවැව (කි.මී.15) දක්වා ද, හතරවෙනි කොටස මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට (කි.මී.25) දක්වා ද දිවයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles