වෙඩි තබා ඝාතනය කල ඇෆ්ගන් වැසියන් සිව් දෙනෙකුගේ සිරුරු එල්ලා ප්‍රදර්ශනය කෙරේ

0
330

ඇෆ්ගනිස්ථානයේ හේරට් නගරයේ පැහැරගැනීම් සිදුකළ බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු නගරයේ එල්ලා ප්‍රදර්ශනය කිරීමට තලෙබාන් සංවිධානය කටයුතු කර තිබෙනවා.

මෙවැනි වැරදි සඳහා දැඩි දඩුවම් පමුණුවන බවට චෝදනා කර දින කිහිපයක් ගතවීමෙන් පසුවයි ඔවුන් මෙලෙස සිරුරු ප්‍රදර්ශනය කර ඇත්තේ.

ඒ අනුව අදාළ පුද්ගලයින්ගේ සිරුරු දොඹකරයක් ආධාරයෙන් නගරයේ එල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දඬුවම් ලබාදීම තුළින් යළි පැහැරගැනීම් වැනි වැරදි ක්‍රියාවන් සිදුකිරීම අවම වනු ඇති බවයි හේරට් නගරයේ ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙන්නේ.

හෙරට් නගරයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහන් කරනවා. හෙරට් නගර මධ්‍ය යේ ඔවුන්ව එල්ලා තැබුවේ සාමාන්‍ය වැසියන්ට පාඩමක් ඉගෙනීමට බව ඔහු තවදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here