Thursday, May 9, 2024

ජයසුමන ඇමතිතුමෝ චිත්‍රසුමන මෝටර්ස් එකට ගියේ අහවල් එකකටද ?

ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අලුතෙන්ම රේන්ජ් රෝවර් රථයක් මිලදීගෙන ඇති බවත් ඒ සඳහා මුදල් වියදම් කළේ කෙසේදැයි ඇමතිවරයා ජනතාවට කරුණු පැහැදිලි කළයුතු බවත් පසුගිය 22 වැනිදා විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ තමාට හෝ තම බිරිඳට හෝ රේන්ජ් රෝවර් රථයක් තිබෙන බව ඔප්පු කළහොත් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

ඇමතිවරයා එසේ අභියෝග කළද රේන්ජ් රෝවර් රථයක් මිලදී ගැනීම සඳහා සුඛෝපභෝගී මෝටර් රථ පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු පසුගිය දිනවලදී කොළඹ අවට ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගොස් තිබෙනවා.

චන්න ජයසුමන ඇමතිවරයා සිය බිරිඳ සමග, තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි චිත්‍රසුමන මෝටර්ස් ආයතනය වෙත ගොස් ඇති අතර ඒ පිළිබඳව අදාල ආයතනයේ CCTV කැමරාවල සටහන්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට අදාල සියලු තොරතුරු මේ වනවිට, මෙරට දේශපාලනයට සම්බන්ධ ප්‍රකට භික්ෂුවක් අතට පත්ව ඇති අතර එම භික්ෂුව මාධ්‍ය හමුවක් පවත්වා ඒ පිළිබඳව අනාවරණය කිරීමට සූදානමින් සිටිනවා. ඇමතිවරයා සිදුකළ අභියෝගයට අනුව දැන් චන්න ජයසුමන මහතාට සිදුවන්නේ ඇමති ධුරයට ආයුබෝවන් කීම සඳහා සූදානම් වීමටයි.

මේ පිළිබඳව සියලු තොරතුරු ඉදිරි දින කිහිපය තුළ අනාවරණය වනු ඇත.

https://youtu.be/iW_iJgZU4FA

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles