Monday, May 20, 2024

රට විවෘත කළ වාහාම දුම්රියත් වැඩ

රට විවෘත කරන ආකාරය අනුව දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් බවත් නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර පරීක්‍ෂණ ධාවන කීපයක් සඳහා දුම්රිය යෙදවීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ පසු දුම්රිය ධාවන කිරීමට මේ වන විටත් කාලසටහනක් සකස් කර ඇති බව කී එම නිලධාරියා නිරෝධායන ඇඳිරිනීතිය සම්පූර්ණයෙන්ම ඉවත්කර පළාත් සංචරණ සීමා තව දුරට ක්‍රියාක්මක වේද යන්න තවම කිවනොහැකි නිසා කලසටහන ක්‍රියාමත්මක කරන ආකාරය නිෂ්චිතව කිවනොහැකි බව සඳහන් කළේය.

සම්පූර්ණ ලංකාව විවෘත කරනවා නම් දුර ගමන් සේවා දුම්රිය ක්‍රියාත්මක කිරීමටත්, පළාත් අතර නම් එයටත් ලෙස අවස්ථානුකූලව දුම්රිය ධාවනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ දක්වා සියලුම සේවකයන් සූදානමින් සිටින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කාලසටහන වෙනස් වියහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles