අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 28,326ක් වාර්තා වී ඇති අතර, එය පෙර දිනට වඩා 4.3% ක පහත වැටීමක් බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 260 ක්ද ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 446,918 දක්වා ඉහළ යනවා.